9 කොටස ..

"කොහොමද?"   මම කතාවක් පටන් ගන්න හිතුවා.. නැත්තම් කොලු කමටත් හරි නැනේ.. 

මොනා උනත් වෙන කෙල්ලොන්ට දාන ලයින් සීදෙවිට දාන්න මට ගටක් නෑ.. සමහරවිට ඒ මම try කරලා දාගත්ත එකක් නෙමෙයි නිසා වෙන්න ඇති.. ඒ උනාට ඉතින් මුල ටිකේදි විතරද මන්දා එහෙම හිතුනේ.. මොකද අපි දන්නෙම නැතුව පැය ගානක් කතා කර කර ඉඳලා.. :D අන්තිමට මම කිව්වා මෙච්චර දවස් එයාට message කරේ තිලිනයා කියලා.. ඒක ඇහුවම කෙල්ලගේ මූණ රතු වෙලා ගියා තක්කාලි ගෙඩියක් වගේ.. මාත් එක්කත් මල පැනලා.. අන්තිමට කොහොම හරි shape කරගත්තා.. 

ගෙදර  යන ගමන්  තිලිනයව  හම්බෙලා  දෙකක්  කියන්න  හිටියත්  දැන්නම්  ඕන නෑ වගේ.මම කෙලින්ම ගෙදර ගියා. ඇඳට පැනලා කොට්ටේත් බදාගෙන මනෝ පාරක් ගැහුවේ ඕන නිසාමත් නෙමෙයි.. දන්නේ නැද්ද ඉතිං හොඳ පාරක් සෙට් උනාම එහෙම වෙනවනේ..  :)

ඉතිං message දෙක තුනකුත් එහෙ මෙහෙ ගියා.. කොල්ලගේ හිතට අමුතු මෙව්වා එකක් දැනෙනවද මන්දා.. මටත් සික් එක හැදීගෙන එනවා වගේ..
---------------------------------------

උදේ නැගිටිනකොට GM message එකකුත් එවලා... හී... කොල්ලට මැජික් වගේ.. කවදාවත් ගෙදර එකෙක්වත් මට ගුඩ් මොර්නින්ග් කියල තියේද..

අද ටිකක් කලින් යන්න ඕන.. රස කතාව අහන්න එකෙක් මග බලන් ඉන්නවනේ..  මම සිංදුවකුත් කියාගෙන ආදරණීය මනොවත් අරන් bathroom එකට ගියා wash එකක් දාගන්න.. 
ටික වෙලාවකින් මනොට හෙනයක් ගැහුවා වගේ මොකෙද්ද එකෙක් දොරට ගහනවා..

"මොකද ඕයි?" 

"ඉක්මනට එනවකො.. මට පරක්කු වෙනවා.." (ඒ මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා..)

"පොඩ්ඩක් ඉන්නවා.. මමත් දැන්නේ ආවේ.."

"තමුසෙට විකාරද? දැන් පැය භාගයක විතර ඉදන් මම මේ බලන් ඉන්නේ.. "

"හරි ඕයි.. ආව වැඩේ කරන එන්නම්.. පොඩ්ඩක් ඉන්නවා කට වහන්.."
මූටත් මම යන වෙලවටමනේ මේ මගුලට යන්න ඕන.. මල වදේ.. මම ඉක්මනට එලියට ආවා.. නැත්තම් තව ටිකකින් අම්මගේ ඝාන්ටාරේ වදිනවනේ..

"තමුසේ බිත්තර රකිනවද දොර මුල්ලට වෙලා ඉදන්..?" මේ යකා දොර ලගින් හෙල්ලිලාවත් නෑ මම එලියට එනකන්.. 

"නෑ.. මේ ගැරඬි එලවනවා.. " 

"අනේ පලයන් ඇච්චා.. ඔහොමද වැඩිහිටියන්ට කතා කරන්නේ? "

"අනේ යනෝ ඕයි යන්න.. මේ.. තමුසෙට musical show කරන්න ඕනනම් අනිත් දවසේ වෙන තැනක් හොයාගන්නවා bathroom  එක නැතුව.."
මට නෝන්ඩිද  මන්දා.. මම ඇහුනේ නෑ වගේ රූම් එකට ගියා..

5 comments:

  sahan

July 30, 2010 at 8:09 PM

අද කතාව පොඩි උනාට සොරි.. තව ටිකක් අද දවසේ දාන්න ට්‍රයි කරන්නම්.. මෙච්චර දවසක් ලියන්න බැරි උන එකට කව්රුවත් මාත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා..

  පිස්සා පලාමල්ල

July 31, 2010 at 2:45 AM

එල එල... මම හිතුවා මේකත් මග හිටියවත්ද කියලා....

පුලු පුලුවන් හැටියට ලියමු නේ...

  Siribiris

July 31, 2010 at 4:27 AM

"මෙච්චර දවසක් ලියන්න බැරි උන එකට කව්රුවත් මාත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා.."

අනේ නෑ.නයිට් ශිප්ට් එක ඇදලා නිදිමරගතෙ ඇවිත් බලලා කථාව නැති වුනාම හැමදාම උදේට උඹට පිං අනුමෝදන් කොලා, එච්චරයි.

අර අසනීපෙන් හිටිය නිසා මීට වැඩිය මුකුත් කියන්නෙ නෑ. දැන් වත් දිගටම, ලියපං සලා සලාක ක්‍රමේට නැතුව.

  sahan

July 31, 2010 at 9:12 PM

@ පිස්සා පලාමල්ල- කතාව නවත්තන්නේ නෑ.. කොහොම හරි දිගටම ලියනවා.. :)

@ Siribiris- අනේ සමාවෙයන් මචෝ.. මීට පස්සේ දිගටම ලියන්නම්..මට වැඩිය පින් අනුමෝදන් කොරන්නෙපා.. දැන් පීනසත් හැදෙයි උඹලා මාව මතක් කරන තරමට.. :P

  Siribiris

August 1, 2010 at 4:57 PM

ඇත්ත නේන්නං. පිං වැඩිවෙලා , උඹට පීනස හැදුනා. උඹට නං මොකෝ, දාවි මෙඩිකල් ලීව්. කාටද කෙලවෙන්නෙ, අපිටමනෙ.

මොනවා උනත් කොලුවා, කතාව නං හරිම ලස්සනයි. මේ විදිහටම තාත්විකව දිගටම ලියාපං. මේ හිමේ අනාත වෙලා ඉන්න අපට, මෙහෙම හරි ලියන එකට උඹට හුගක් පිං.