3 කොටස.

" අඩෝ.. උඹ මගේ නංගිව බය කරාද?"

"මොකක්? මම කරේ නෑ බං.. පිස්සුද.."

"එහනම් මේ කියන්නේ..."
 උනේ මොකද්ද කියලවත් දන්නේ නැති මම කෙල්ල දිහා බැලුවා.. එයා බිම බලන් හිනා වෙනවා.. උනේ මොකද්ද කියල දැන් තේරෙනවනේ.. :)  (තේරුනේ නැත්තම් සොරි තමා.. පසුවට විමසන්න..) 

"පිස්සුද.. අපි එහෙමත් කරනවද හලෝ.." මම කිව්වේ තිලිනයටනම් වෙන්න බෑ.. මොකද මම ඌට එච්චර ආදරෙන් කතා කරන්නේ නෑ..

"ඒක තමා.. කොහොමත් ඉතිං උඹ කාවවත් බය කරන්න ඕන නැනේ.. උඹව දැක්කම බය වෙනවනේ.." තිලිණ එහෙම කිව්වත් මම ඉතිං මාර handsome කොල්ලා.. :D  ඒ කාලේ කෙල්ලෝ හෝ ගාල පස්සෙන් එනවා.. he hee..  දැන් ඉතිං ඒවා වැඩක් නැනේ..

"අනේ යකෝ මම කියන්නේ නෑ කව්රු දැක්කමද කෙල්ලෝ බයේ දුවන්නේ කියලා.. මම කියන්නද අරක..?" දවසක් class එකක උන වැඩක් මතක් කරලා මම ඇහුවා.

"හරි හරි.. දැන් කට වහගනින්.." ඌ බය උනාද මන්දා.. නංගි ඉස්සරහ එහෙමත් නෝන්ඩි වෙන්න පුලුවන්ද..

"අන්න එහෙම වරෙං.. මේ ඒක නෙමෙයි මෙයාව අඳුන්නලා දෙන්නේ නැද්ද?" මුගේ නංගි තියා මොකා උනත් කෙල්ලෙක්නේ.. දැන අඳුරගෙන ඉන්න ඒක වටිනවනේ.. ;)

"ආ.. අඳුන්නල දෙන්න ඕනද.. එහෙනම් අහගනින්.. මේ මගේ නංගි.."

"Hi, I'm Sahan"  මම අත දුන්නා.. 

ටිකක් නෝන්ඩියි වගේ.. මෙයා මුකුත් නොකියා බිම බලන් ඉන්නවා.. නොකිව්වත් කමක් නෑ.. අඩු ගානේ අත දුන්නම අතවත් දීපන්කො.. මට නිකන්ම තිලිනයා දිහා බැලුනා.. ඌට හොඳටම හිනා.. නොදකින් මෙහෙම යාලුවෝ..මට හාරන් යන්න හිතුනා.. දැන් ඉතිං මූ මේක පාරේ ඉන්න බල්ලොන්ටත් කියකියා  මාව නෝන්ඩි කරයි..
 
"ඔන්න බලා ගනින්.. අපි ඔහොමයි නංගිලා හැදුවේ.. උඹලා වගේ එවුන්ට අත දෙන්න තරම් නංගි මෝඩ නෑ.."

"තිලින.. පුතාට call එකක්.." අනේ වාසනාවන්.. දෙවියොන්ට තේරෙන්න ඇති මූ මෙතන තව වෙලා හිටියොත් මට වහ කන්න වෙයි කියලා..

"පොඩ්ඩක් හිටහන්.. මම ඉක්මනට එන්නම්"
තිලිනයා ගිය ගමන් නංගාත් යන්න හැදුවා.. ඒත් ඉතිං එහෙමත් යන්න දෙන්න පුලුවන්ද.. ඒ නිසා මම කතාවක් පටන් ගන්න හිතුවා.. line පාරක් දාන්න වයසවත් දන්නේ නෑනේ.. heee... :D
 
"නංගා කීය වසරේද?"
"මම O/L කරලා ඉස්කෝලයක් එනකන් ඉන්නේ අයියා.." වයසනම් හොඳයි වගේ.. කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතරේ අවුරුදු තුන හතරක ගැප් එකක් තියෙන්න ඔනලුනේ..

"ඒ කියන්නේ ඔයා කොළඹ එනවද?"

"නෑ අයියා.. අම්මා කැමති වෙන එකක් නෑ.. අම්මා තනියෙන්නේ එහෙම උනොත්.." (එයාගේ තාත්තා එයා පොඩි කාලෙම නැති වෙලාලු..)

"හ්ම්ම්.."  මට ටිකක් upset වගේ.. කතා කරන්නත් කටට මුකුත් ආවේ නෑ ඊට පස්සේ.. ඔය අතරේ තිලිණ ආවා.

"මූ පැණි හලනවද?" තිලිනයව මරන් කන්න හිතෙනවා..

"අනේ මේ.. මම උඹට කිව්වා කියලා හිතාගනින්.."

"ඇයි බං තද වෙලා? උඹ පැණියා කියලා නංගි දැනගන්නවට ආස නැද්ද?" එන පොටනම් හොඳ නෑ වගේ.. මූ මාව නංගා ඉස්සරහම අනාත කරන්න හදන්නේ..

"මචං, අර උඹ කෙල්ලෙක් පස්සෙන් ගිහිල්ල ගුටි කන්න ගිය සින් ඒක නංගා දන්නවද?" මගේ ගැලවීම මම ඌවම ප්‍රයෝජනට ගත්තා..

"ඒ මොකද්ද අයියා?" වැඩේ සාර්ථකයි වගේ.. :D

"නෑ නෑ.. මුකුත් නෑ.. ඔයා දැන් යන්න.." තිලිණයට මලෙත් මළ.. he hee... what to do.. මම බේරෙන්න එපැයි ඔක්කොටම කලින්..

නංගා ගිය ගමන් මූ පටන් ගත්තා..

"ඇයි *** තොට කට තියන් ඉන්න බැරිද? ගල් මූසලයා... bla bla blaa...." hee... මූ මාව වර්ණනා කරනවා.. අපි ඉතිං වර්ණනා වලින් උඩඟු වෙන්නේ නැති බව දන්නවනේ.. :D

"උඹ ඉතිං මගේ රෙදි ගලවන්න හදනකොට මම බේරෙන්නත් ඕනනේ.."

"අනේ මගෙන් අහගන්නෙපා තෝ..................."

2 කොටස.

ටක් ගාලා ලැස්ති වෙලා එන්නම් කියලා towel එකත් අරන් මම bathroom එකට දිව්වා.. ඒත් ඉතින් දන්නැද්ද කොල්ලෝ උනත් ලැස්ති වෙන්න ගියාම තමන්ට පරක්කු වෙන්නේ නැත්තම් අනිත් උන් යකාට ගියාවේ කියලනේ වැඩ.. ඉතින් මමත් ඒ ජාතියම තමයි.. :) තිලිනයත් බැන බැනම ඉන්නවා.. මොකෝ ඌ මව දාලා යන්නද.. කොහොම හරි දවල් දෙකට විතර බතුත් කාල අපි යන්න පිටත් උනා..

එහෙට යනකොට හවස 5 විතර වෙලා.. ආහ්.. කියන්න අමතක උනානේ ගියේ කොහෙද කියලා.. ගියේ තිලිනයාගේ පුංචි අම්මලාගේ ගෙදර..

අපි යනකොට එහෙ හිටියේ පුංචි විතරයි. අපි ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කර කර ඉඳලා අපිට wash එකක් දාගන්න කියලා පුංචි උයන්න ගියා..
මම wash එකක් දාගෙන ආවට පස්සේ තමයි තිලින ගියේ. ඒ වෙනකොට ටිකක් රෑ වෙලා. තරු එහෙමත් පායලා.. මම ජනේලේ උඩ වාඩි වෙලා අහස දිහා බලන් තරු රටා හොයන්න පටන් ගත්තා.. ඒක මගේ පුරුද්දක්. පොඩි කාලේ ඉදන්ම Astronomy වලට මාර ආසයි. අහස දිහා බලන් ඉන්නකොට කොච්චර දුරට අපි යනවද.. මමත් කල්පනා කර කරම ගොඩක් ඈතට ගිහින්.. ඒ නිසාම මගේ ලඟට කෙනෙක් ආව කියලවත් මට ඇහුනෙවත් දැනුනෙවත් නෑ. ඒ දැනුන පිච්ච මල් සුවඳ මම හිතුවේ සුළගේ පාවෙලා ආව මල් සුවඳක් කියලා.
ඒත් තව මොහොතක්වත් මට හිතන්න ඉඩ නොදී ආව කෙනා මගේ ඇස් දෙක වැහුවා.. ඒ කව්ද කියල මම නොදැක්කේ එයා මගේ පිටිපස්සෙන් හිටගෙන හිටපු නිසයි. 

කල්පනාවෙන් මිදුන මම මේ කව්ද කියල කල්පනා කරා.. 'තිලිනයාවත්ද.. නෑ.. ඌට කොහෙද මෙච්චර සිනිදු අත්..' ඒ අත් දෙකෙන් අල්ලගන්න ගමන් මම හිතුවා..

 "පුළුවන්ද කියන්න කව්ද කියලා.." එයා ලස්සනට ලතාවට ඇහුවා..

 මම දන්නවද ඉතින්... කවදාවත් ඒ කටහඬ අහලත් නෑ.. ඉතින් මේ කව්ද කියලා බලන්න ඒ අතින් අල්ලන්ම මම ඒ පැත්ත බැලුවා..  
හයියෝ මම කරගත්තු දෙයක්.. මාව දැක්ක ගමන් ඒ මූණේ තිබුන හිනාව සතුට ඔක්කොම නැති වෙලා ගියා.. මූණත් බෙරි කරන් මගේ අතත් ගසල දාලා එයා room එකෙන් එලියට දිව්වේ හරියට මහසෝනා දැකලා බය උනා වගේ..

උනේ මොකද්ද කියලා මටත් හිතාගන්න බැරි උනා.. මම අයිත් ජනෙල් පඩිය උඩ වාඩි වෙලා කල්පනාවට වැටුනා..
 'ලස්සන කටහඩක් එයාට තියෙන්නේ.. එයත් හරිම ලස්සනයි.. ඒත් ඒ කව්ද?'

"එනවා හලෝ.." තිලිණගේ කට හඬින් පියවි සිහියට ආව මම ඒ පැත්ත බැලුවා.. තිලින කෙල්ලෙක්ගෙ අතින් ඇදන් room එකට ආවා..

1 කොටස.....

" ලොකු පුතා.. ඔයාට call එකක්.." අම්මා කියනවා.

"hello"මොකෙද්ද මන්දා.. මගේ නින්ද කෑවා.. බැන බැනම මම room එකේ තියෙන phone එකෙන් answer කරා.

"hello, මචන්.." කතා කරේ මගේ අතිජාත මිත්‍රයා, තිලිණ.

"ආ.. මොකෝ බන් මේ මහා රැ? අපි නිදාගන්න එක උඹලට ඇලජික් ද?"

"ඇයි **** යන්තම් 7 උනගමන් නිදාගන්න ඕනද? මේ අහපන්.. පොඩි වැඩකට කතා කරේ."

"අනේ පුතෝ.. ඕන් කිව්වා වලිනම් බෑ.. ගෙදරින් ලැබෙන කෑම ටිකත් නැතිවෙයි අන්තිමට.." 
මේ ලඟදි මිත්‍රත්වය වෙනුවෙන් පෙනී සිටින්න ගිය වරදට ගෙදර කස්ටිය මතක් වෙන සැරේට ධර්ම දේශනා පවත්වනවා..

"නෑ යකෝ.. හෙට පොඩි ගමනක් යන්න වරෙන්"

"ආහ්.. එල.."
 
"එහෙනම් මම හෙට දවල්ට එන්නම්. ලැස්ති වෙලා හිටපන් කොල්ලෝ.."

"ok පුතා.."
phone එක තිව්වට පස්සේ මම ගිහින් අම්මට කිව්වා තාත්තටත් ඇහෙන්න. මොකද කෙලින් කියන්න බෑනේ.. තාත්තගේ මූණ දැක්කම කියන්න යන දේත් අමතක වෙලා කටේ තියෙන ඛේටය ටිකත් මාව දාල දුවනවනෙ.. So හැමදාම අනුගමනය කරන පියවර අදත් අනුගමනය කරා. බයකටම නෙමෙයි. ආත්මාරක්ෂාවට. :D

කොහොම හරි අම්මව shape කරගත්තනම් ඒ ඇති. මුලදී අම්මා එපා කිව්වත් මේ දවස් ටිකේම නිවාස අඩස්සියේ හිටිය නිසා අන්තිමට හා කිව්වා.

***********************************

උදේ නැගිටලා ගේ ඇතුලේ පොඩි search පාරක් දැම්මා.. කව්රුවත් නෑ.. පියාණොත් ගිහින් වගේ.

"ඇයි යකෝ මේ ගෙදර එවුන් කොහේ ගිහින්ද.."

"අම්මා.."       වෙනද වගේම අම්මා හොයාගෙන ගිහින් kiss එකකුත් දුන්නා.

"Good morning motherrrrr..."  මේසෙ උඩ තිබුන මගේ bed tea එක අතට ගන්න ගමන් මම කිව්වා.

"අපෝ අම්මා.. මේක හොඳටම නිවිලානේ.. කීයටද අද තේ හැදුවේ?"

"වෙනද වෙලාවටම තමයි. බලන්න දැන් වෙලාව කීයද කියල.."
අම්මට උඩු.. 12 ටත් කිට්ටුයි. මම හිමීට තේක බීලා මාරු උනා.
ටිකක් වෙලා TV එකත් ඔබ ඔබ ඉඳලා මූණ හෝදගන්න කියල පුටුවෙන් නැගිටින්න හදනකොටම ඔලුවට හොඳ ෂොට් එකක් වැදුනා. කව්ද යකෝ මට ගැහුවේ? තාත්තත් ගෙදර නෑනේ.. අනික මම වරදක් කරෙත් නැනේ..

"තෝ දැන්ද නැගිට්ටේ?" අඩේ.. තිළිණයා..

"මොකද බන් මේ කිකිලිත් අතින් අරන්?"

"උඹට බිත්තරයක් දාල දෙන්න කියල අරන් ආවේ *****.."

"කෑ ගහන්නෙපා මිනිහෝ.. අම්මා ඉන්නවා.."

"උඹනේ ඉතින් මගේ කට අව්ස්සගන්නේ.. අද යන්නේ නැද්ද?"

"කොහෙද?"

"ඇයි මතක නැද්ද ඊයේ කියපු එක?"

"අම්මට උඩු.. අමතක උනා මචන්, හිටපන් මම ඉක්මනට එන්නම්."



වස්සානය...

වස්සානය...
පොඩි කතාවක්.
ඔව්.. පොඩි ආදර කතාවක් තමයි.
එත් අවසානය මොනා වෙයිද දන්නේ නෑ. මොකද කතාව තවම ගලාගෙන යනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය මම කියමුකෝ. නමින් කියනවනම් සහන්. වස්සානය කියන නම ගැලපෙනවද මන්දා.. මතක් උන පලවෙනි නම තමා දැම්මේ. කතාවේ වැඩිය චරිත නෑ. මොකද මේක ඉස්කෝලේ උන කතාවක් නෙමෙයි නිසා යාළුවො නෑ. එත් එක යාලුවෙක් ඉන්නවා. ඒ තමයි තිළිණ. තිළිණ මම දන්නේ අවරුදු ගානක ඉදන්. දැන්නම් ඌ මට මගේ සහෝදරයෙක් වගේ.
ඉතින් අද ඉදන් මම පුළු පුළුවන් විදියට කියන්නම්. කියවන කෙනෙක් ඉන්නවනම් පොඩි කොමෙන්ටුවක් එහෙම දාල sup එකක් හෙම දෙන්න හොඳේ.
මේ මගේ පලවෙනි කතාව. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති. ගණන් ගන්නෙපා. වරදක් දැක්කොත් කියන්නත් අමතක කොරන්නෙපා.