3 කොටස.

" අඩෝ.. උඹ මගේ නංගිව බය කරාද?"

"මොකක්? මම කරේ නෑ බං.. පිස්සුද.."

"එහනම් මේ කියන්නේ..."
 උනේ මොකද්ද කියලවත් දන්නේ නැති මම කෙල්ල දිහා බැලුවා.. එයා බිම බලන් හිනා වෙනවා.. උනේ මොකද්ද කියල දැන් තේරෙනවනේ.. :)  (තේරුනේ නැත්තම් සොරි තමා.. පසුවට විමසන්න..) 

"පිස්සුද.. අපි එහෙමත් කරනවද හලෝ.." මම කිව්වේ තිලිනයටනම් වෙන්න බෑ.. මොකද මම ඌට එච්චර ආදරෙන් කතා කරන්නේ නෑ..

"ඒක තමා.. කොහොමත් ඉතිං උඹ කාවවත් බය කරන්න ඕන නැනේ.. උඹව දැක්කම බය වෙනවනේ.." තිලිණ එහෙම කිව්වත් මම ඉතිං මාර handsome කොල්ලා.. :D  ඒ කාලේ කෙල්ලෝ හෝ ගාල පස්සෙන් එනවා.. he hee..  දැන් ඉතිං ඒවා වැඩක් නැනේ..

"අනේ යකෝ මම කියන්නේ නෑ කව්රු දැක්කමද කෙල්ලෝ බයේ දුවන්නේ කියලා.. මම කියන්නද අරක..?" දවසක් class එකක උන වැඩක් මතක් කරලා මම ඇහුවා.

"හරි හරි.. දැන් කට වහගනින්.." ඌ බය උනාද මන්දා.. නංගි ඉස්සරහ එහෙමත් නෝන්ඩි වෙන්න පුලුවන්ද..

"අන්න එහෙම වරෙං.. මේ ඒක නෙමෙයි මෙයාව අඳුන්නලා දෙන්නේ නැද්ද?" මුගේ නංගි තියා මොකා උනත් කෙල්ලෙක්නේ.. දැන අඳුරගෙන ඉන්න ඒක වටිනවනේ.. ;)

"ආ.. අඳුන්නල දෙන්න ඕනද.. එහෙනම් අහගනින්.. මේ මගේ නංගි.."

"Hi, I'm Sahan"  මම අත දුන්නා.. 

ටිකක් නෝන්ඩියි වගේ.. මෙයා මුකුත් නොකියා බිම බලන් ඉන්නවා.. නොකිව්වත් කමක් නෑ.. අඩු ගානේ අත දුන්නම අතවත් දීපන්කො.. මට නිකන්ම තිලිනයා දිහා බැලුනා.. ඌට හොඳටම හිනා.. නොදකින් මෙහෙම යාලුවෝ..මට හාරන් යන්න හිතුනා.. දැන් ඉතිං මූ මේක පාරේ ඉන්න බල්ලොන්ටත් කියකියා  මාව නෝන්ඩි කරයි..
 
"ඔන්න බලා ගනින්.. අපි ඔහොමයි නංගිලා හැදුවේ.. උඹලා වගේ එවුන්ට අත දෙන්න තරම් නංගි මෝඩ නෑ.."

"තිලින.. පුතාට call එකක්.." අනේ වාසනාවන්.. දෙවියොන්ට තේරෙන්න ඇති මූ මෙතන තව වෙලා හිටියොත් මට වහ කන්න වෙයි කියලා..

"පොඩ්ඩක් හිටහන්.. මම ඉක්මනට එන්නම්"
තිලිනයා ගිය ගමන් නංගාත් යන්න හැදුවා.. ඒත් ඉතිං එහෙමත් යන්න දෙන්න පුලුවන්ද.. ඒ නිසා මම කතාවක් පටන් ගන්න හිතුවා.. line පාරක් දාන්න වයසවත් දන්නේ නෑනේ.. heee... :D
 
"නංගා කීය වසරේද?"
"මම O/L කරලා ඉස්කෝලයක් එනකන් ඉන්නේ අයියා.." වයසනම් හොඳයි වගේ.. කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතරේ අවුරුදු තුන හතරක ගැප් එකක් තියෙන්න ඔනලුනේ..

"ඒ කියන්නේ ඔයා කොළඹ එනවද?"

"නෑ අයියා.. අම්මා කැමති වෙන එකක් නෑ.. අම්මා තනියෙන්නේ එහෙම උනොත්.." (එයාගේ තාත්තා එයා පොඩි කාලෙම නැති වෙලාලු..)

"හ්ම්ම්.."  මට ටිකක් upset වගේ.. කතා කරන්නත් කටට මුකුත් ආවේ නෑ ඊට පස්සේ.. ඔය අතරේ තිලිණ ආවා.

"මූ පැණි හලනවද?" තිලිනයව මරන් කන්න හිතෙනවා..

"අනේ මේ.. මම උඹට කිව්වා කියලා හිතාගනින්.."

"ඇයි බං තද වෙලා? උඹ පැණියා කියලා නංගි දැනගන්නවට ආස නැද්ද?" එන පොටනම් හොඳ නෑ වගේ.. මූ මාව නංගා ඉස්සරහම අනාත කරන්න හදන්නේ..

"මචං, අර උඹ කෙල්ලෙක් පස්සෙන් ගිහිල්ල ගුටි කන්න ගිය සින් ඒක නංගා දන්නවද?" මගේ ගැලවීම මම ඌවම ප්‍රයෝජනට ගත්තා..

"ඒ මොකද්ද අයියා?" වැඩේ සාර්ථකයි වගේ.. :D

"නෑ නෑ.. මුකුත් නෑ.. ඔයා දැන් යන්න.." තිලිණයට මලෙත් මළ.. he hee... what to do.. මම බේරෙන්න එපැයි ඔක්කොටම කලින්..

නංගා ගිය ගමන් මූ පටන් ගත්තා..

"ඇයි *** තොට කට තියන් ඉන්න බැරිද? ගල් මූසලයා... bla bla blaa...." hee... මූ මාව වර්ණනා කරනවා.. අපි ඉතිං වර්ණනා වලින් උඩඟු වෙන්නේ නැති බව දන්නවනේ.. :D

"උඹ ඉතිං මගේ රෙදි ගලවන්න හදනකොට මම බේරෙන්නත් ඕනනේ.."

"අනේ මගෙන් අහගන්නෙපා තෝ..................."

4 comments:

  හසී

June 26, 2010 at 10:07 PM

ඉක්මනින් අනික් කොටසත් දාන්න... ලස්සනයි කථාව..

  Siribiris

June 26, 2010 at 10:57 PM

ඔව්, ඔව් ඉක්මනට ලියාපියෝ. ලස්සනයි, ලියන විදිහ..

  ඉලංදාරියා

June 27, 2010 at 1:39 AM

ඔක ඉක්කමනට ලියලා ඉතිරිය ඉක්මනට දාන්න........

  Siribiris

June 27, 2010 at 1:33 PM

"ඇයි *** .. ගල් මූසලයා..... මූ මාව වර්ණනා කරනවා.. අපි ඉතිං වර්ණනා වලින් උඩඟු වෙන්නේ නැති බව දන්නවනේ"


හෙහ්....හෙහ්.....නියම කතාව.ලියන විදිහ, හරිම ලස්සනයි. හැබැයි ගොයියෝ කතාව හුටස් ගාලා මග නවත්තලා අපිව අතරමං කරනවා එහෙම නෙවෙයි.