4 කොටස..

සඳුදට lectures නිසා අපි ඊළඟ දවසේ ගෙදර ආවා. ඒත් හිතට ටිකක් upset වගේ. මොකද මන්දා.. මොකද මන්දා කිව්වට හේතුව මේකයි. අපි එන්න පිටත් වෙනකොට නංඟා ගෙදර හිටියෙ නෑ. ඉතින් යනවා කියන්නෙත් නැතුව නොදැකම එන්න උනා. තිළිණයටනම් ඉතින් මොකෝ.. උගේ නංගිනේ.. ඒත් මට අයිත් කවදාවත් දකින්න වෙන්නේ නෑ..

*************

සඳුදා උදෙන්ම ලෑස්තිවෙලා තිළිණලහ ගියා. මම ඌත් එක්ක තමා campus යන්නේ. 

"මොකෝ බං මෙච්චර උදෙන්? වෙනදා 8.30 lecture එකට 8.25ට විතර එන මිනිහා අද 7 වෙනකොට ඇවිත්.."

"ඇයි නරකද?"

"නෑ... හොඳයි හොඳයි... හිටපන් මම ඉක්මනට එන්නම්"

තිළිණයා එනකන් මම පොඩි ඇලට් එකක් දාන්න හිතලා ඇස් පියාගත්තා. ඒත් ටික වෙලාවකින් මගෙ රත්තරං මොලේට අදහසක් පහල උනා.මම දඩ බඩ ගාලා නැගිටල තිළිනයාගෙ මේසෙ අව්ස්සන්න පටන් ගත්තා.දවසක් ඌ මට album එකක් පෙන්නුවා. එකෙ හිටියෙ කව්ද කියලා දැනුයි මතක් උනේ. ඒ album එක තිබුනෙ මේසෙ උඩ. මම මේ ලඟදිත් දැක්කා. ඒත් දැන් ඒක නෑ.. විනාඩි 10ක් විතර හොයලා අන්තිමට මම වැඩේ අත ඇරලා අනිත් පැත්ත හැරුනා..

අම්මට උඩු.. තිළිනයා.. ඉනට අත් දෙකත් ගහගෙන මාව කන්න වගේ බලන් ඉන්නවා..

"මොනාද *** හොයන්නෙ?"

"න්..නෑ... බං.. මුකුත් නෑ..."
මට ගොතත් ගැහෙනවා.. කටක් ඇරලා කියන්න පුලුවන්ද හොයපු දේ.. මූ මාව මරන් කාවි..


"කියපන් කියපන්..."

"මුකුත් නෑ බං... මේ නිල මැස්සෙක් ඇවිත් මට පොඩි කොචොක් පාරක් දාල මේසෙ අස්සෙ හැංගුනා.. ඌව හෙව්වේ.."

"අනෙ උඹේ ***** නිල මැස්සා.."


තව කතා කරොත් චොර උන වැඩේ තව චොර වෙන නිසා මම කට වහගෙන පැත්තකට උනා..

"මොකෝ බං උඹට වෙලා තියෙන්නෙ?"

"මට මොනා වෙන්නද.."

"අනේ පලයන්.. තෝ අද අවුලක ඉන්නේ.. බලහං ඔය වඳුරු මූණෙ හැටි.."


"රෙද්ද තමයි.."
තිළිනයා ටික වෙලාවක් මගෙ දිහා බලන් ඉඳලා නෝන්ඩි හිනාවක් දාල එලියට ගියා.. 

3 comments:

  හෙළයා

July 2, 2010 at 8:45 AM

මචං..උඹවත් එක දිගට ලියප්ං. මුං මගින් කතා නතර කරනවා.
මාස 2ක් ඇතුලත වගේ සම්පූර්ණ කතාවම ලියන්න පුළුවන්ද ?

  sahan

July 2, 2010 at 10:38 AM

maasa dekak athulatha try karala balamuko.. puluwan wei samaharawita.. :)

  පිස්සා පලාමල්ල

July 3, 2010 at 5:15 AM

2 - 4 වෙනකම් ඔක්කොම බැලුවා. ලස්සන කතාව.... දිගටම දාන්න