13 කොටස..

අයේෂා කෙලින්ම ගියේ car පාර්ක් එකට. මමත් පස්සෙන්ම ගියා. එයා car එකට නැගලා start කරා. නප්පෙටම තද වෙලා වගේ.මම car එක ලඟට ගිහින් කතා කරා. මගේ මූනවත් බැලුවේ නෑ. දැන් ඉතින් මගෙත් කට්ට පනින්න වගේ..  දෙතුන් සැරයක් කතා කරත් වැඩක් උනේ නෑ.. 

මොන මගුලක්ද.. මම කරපු දේකුත් නෑ. මටම පුස් පාට් දාන්න එනවා. ඕන දෙයක් කරගන්න කියලා මම ආපහු තිලිනයා හිටපු තැනට ගියා.  ඌ කෙල්ලෙක් එක්ක මුකුලු කරනවා.. මමත් ගිහින් වාඩි උනා. 

"මොකෝ බං උනේ? shape ද? "  

"මගේ මූනවත් බැලුවේ නෑ.. මම මොකටද second වෙන්නේ.. ඕන මගුලක් කරගන්න කියලා මම ආවා."

"එහෙම කරන්නෙපා බං. කෙල්ලෝ ඔහොම තමයි"  

"ඒකි මට පාට් දාන්න මම ඒකිගේ කව්ද? අනික මම කරපු වරද මොකද්ද?"

"අනේ මන්දා.. ඒ උනාට හෙටවත් කතා කරපන්, පව්නේ.."

"මම මොකටද කතා කරන්නේ? උඹනේ ඔක්කොම කෑවේ, දැන් ඉතින් දුකනම් ගිහින් කතා කරපන් "

"හරි බං.. එත් ඒකිට මගෙන් වැඩක් නෑනේ"

"ආ.. දැන් ඒකිට මගෙන් තියෙන වැඩේ මොකද්ද?"

"අනේ උඹ බබා.."

"යකෝ මේ මම ඒකිව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදියට විතරයි"

"හ්ම්ම්.. බලමුකෝ.."   

ඊළඟ දවස් ටිකේම අයේෂා පේන්න හිටියේ නෑ. මට ring එකක්වත් දුන්නේ නෑ. හිතට ටිකක් විතර upset උනත් මට එක ඒ තරම් ගානක් නෑ. අයේෂා ගැන හිතේ කැමැත්තක් තිබුනත් මට වෙන එවුන්ට වගේ සික් එක ඔලුවට ගහල තිබුනේ නෑ. අනිත් එක එයාට ඕන නැත්තම් මට මොකටද.. ඉතින් මමත් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන හිටියා.

මේ දවස් වල මගේ ඔලුවේ තියෙන්නේ කරුණු දෙකයි.   
1. Exam එක.
2. නංගා.   (මේ දෙක මාරු උනත් අවුලක් නෑ.. :D )

නංගාට ඉස්කෝලේ පටන් අරන්. එත් තාම classes හොයාගෙන නෑ.. ඉතින් එයාගේ යාලුවොන්ගෙන් අහගෙන මමයි තිලිනයි  නංගා එක්ක සතියක් විතර ඇවිද්දා නංගාට පාරවල් පෙන්නන්න. ගම්වල වගේ නෙමෙයිනේ කොළඹ. එයාට මෙහෙ පුරුදුත් නෑනේ.. ඉතින් ඒවා කියල දෙන අතරේ මම අනාගතේට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔය පන්ති ටික තියෙන තැන වෙලාවත් එක්කම note කරගත්තා..  

~~~~~~~~~~~~~~~~~~~~~~

"මචං, අයේෂා මැරිලද දන්නැනේ?" දවසක් හිටපු ගමන් තිලිනයා අහපු ප්‍රශ්නෙන් මම මෝල් වෙලා ගියා.

"විකාරද යකෝ?"

"නෑ බං, අර සීන් එකෙන් පස්සේ ඇහැටවත් දැක්කේ නෑනේ.. අර මොකාද අශ්වයට වගේ පපුව පැලිලා මලාද දන්නේ නෑ.."

"ඒකිට ඒ තරම් අමාරුවක් නෑ යකෝ"

"කව්ද දන්නේ" 

මට ගෙදර යන ගමනුත් කල්පනා උනේ තිලිනයාගේ කතාව.. ඇත්තටම අයේෂාට මොනවා වෙලාද දන්නේ නෑ. කෝකටත් අද රෑට ring එකක්වත් දීලා බලන්න ඕන. අපිට වඩා කෙල්ලොන්ගේ හිත් හරි බොළඳයිලු නේ.. ඇරත් මෙකි මොනවා හරි පිස්සුවක් කෙලියොත් මටත් යහතින් ඉන්න ලැබෙන්නේ නෑ..

මම කල්පනා කර කරම බස් හෝල්ට් එකට ඇවිදන් ගියා ගෙදර යන්න බස් එක ගන්න. බස් එකට සල්ලි ගන්න පර්ස් එක අතට ගන්නකොට අතේ තිබුන පොත බිමට වැටුනා. මම ඒක ගන්න පහත් වෙනවත් එක්කම 80ක විතර වේගෙන් car එකක් ආවා මගේ ඉස්සරහට. දෙයියෝ බුදුන් සිහි කර ගන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.. මම එහෙම්මම ඇස් දෙක තද කරලා පියා ගත්තා..  

12 කොටස..

අපි campus එකට යනකොට සෑහෙන්න පරක්කු වෙලා. උදේට කාලත් නැති නිසා බඩ පණුවෝ Boxing  ගහනවා.. අපි දෙන්නා කැන්ටිමට ගිහින් පාන් භාග දෙකකට විතර වග කියලා ඉවර වෙනකොට Lectures ඉවර වෙන්නත් කිට්ටුයි.. 
මොකෙග්ගෙන් හරි note එකක් ඉල්ලගන්න ඕන කියලා හිතන් අපි ගියා ගස් පැත්තට.. මොකද හැම එකාම වගේ lectures ඉවර වෙලා නිදි ගැට අරින්න එන්නේ ගස් යටටනේ.. 
අපි දෙන්නා අනිත් උන් එනකන් ගහක් යටින් වාඩි වෙලා talk එකක් දාගෙන හිටියා.. විකාර කියව කියව ඉන්න අතරේ සීදේවී ලඟට ඇවිත් අපි දැක්කෙත් නෑ.. 


"සහන්"

"ආ.. හලෝ.. අද lectures ගියේ නෑ? මොකෝ අපි වගේ අපත වෙන්න හිතුවද?" මම වෙනුවට උත්තර දුන්නේ තිලිනයා

"ඔයාලට වෙලාවට එන්න බැරිද? ඔයාල නිසා මටත් අද lectures cut උනා.." ටිකක් මල වගේ.. එත් ඉතින් අපි කියලා මක්කා කොරන්නද..

"දැන් කොහොමද අපි නිසා ඔයාට  lectures cut උනේ?" 
ආපහු තිලිනයාම ඇහුවා.. මූ මට කතා කරන්න දෙන්නේ නෑ වගේ.. එකත් හොඳයි.. නැත්තම් මේ කොක්කේ පටලුනොත් මම කොහේ විසි වෙයිද දැනේ නෑ.. මමත් ඉතින් සද්ද නැතුව හිටියා.

"මම ඔයාල එනකන් බලන් හිටිය නිසානේ මට යන්න බැරි උනේ.."

"ආ.. බං.. කව්ද මෙයාට බලන් ඉන්න කිව්වේ?"  
ඒ පාර මේකා මගෙන් අහපි.. මම කොහොමද යකෝ ඕවා දන්නේ.. මමත් කිව්වේ lectures යන්න කියලානේ.. 

දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මම සීදේවි දිහා බැලුවා.. නෝන්ඩියට තව දෙක තුනක් කිව්වොත් මෙයා මෙතන ටැප් එක අරිනවා අනිවා.. මූණත් රතු වෙලා..

"මම ඉතින් කිව්වනේ අපි පරක්කු වෙනවා කියලා.. ඇයි ගියේ නැත්තේ?" පොඩි ශේප්මන්ට් එකක් දාන්න හිතන් මම කිව්වා.. ඒත් එයා කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා.

"මචං..... උඹ සිරාවටම යන්න කිව්වද? එහෙනම් ඇයි බං මෙයා බලන් ඉන්නේ?" 
මූත් තියෙන වාචාල කමට මොකෙද්ද වගේ ඔහේ කියවනවා.. සීදෙවිගේ මූණ බලන් ඉද්දී තව තව රතු වෙනවා.. මට නිකන් මොංගල් වගේ. මෙකි මෙතන ටැප් එක ඇරියොත් විනාසයි.

"උඹ පොඩ්ඩක් කට වහන් ඉදපන්කෝ.." 
මම එහෙම කියලා හිටපු තැනින් නැගිට්ටා. සීදේවි මගේ දිහා බලලා ගස්සාගෙන යන්න ගියා.. ඇස් වල යාන්තමට වගේ කඳුළු තිබුනා.. 

"අර මොකෝ බං?"

"අර මොකෝ? තොට කෙල්ලෙක් ඉස්සරහවත් කට තියාගෙන ඉන්න බැරිද?"

"ඉතින් යකෝ joke එකටනේ කියෙව්වේ.."

"එහෙනම් දැන් ඉතින් ගිහින් නලවලා වරෙං.."

"පික්සු හැදෙයි.. උඹම පලයන්.. මම ගියාට වැඩක් වෙන්නේ නෑ.."

"රෙද්ද.. තෝ ආයිත් කෙල්ලෙක් ඉස්සරහා කටක් ඇරියොත් මම තොගේ කට කඩනවා.." මම දන්නවා මට බෑ කියලා.. ඒත් මුගේ කාටනම් සිරා වාචාලයි.. 

"හා හා.. පුළුවන් වැඩක් කියපන් බං.. දැන් ඉතින් පලයන්.."

මමත් දෙයියෝ බුදුන් සිහිකරගෙන ගියා.. මොකද මල පැනලා ගිය විදියේ හැටියට මට සෙරෙප්පු පාරක් කන්න වෙයිද කියලා sure නෑ.. 

11 කොටස..

"Hello"

"Hello සහන්,ඔයා එන්නේ නැද්ද?"


"එනවා.. ඇයි?"

"ඇයි කියල අහන්නේ? තව ටිකකින් lectures පටන් ගන්නවනේ.."

"ඉතින් ඔයා යන්න. අපි එන්නම්.."

"අනේ සහන්, මම මෙච්චර වෙලා බලන් හිටිය එකෙත් තේරුමක් නැති වෙනවනේ..ඔයා ඉන්නේ කොහෙද කියන්නකෝ මම එන්නම් ඔයාව ගන්න.."

"නෑ නෑ.. ඕන නෑ අපි එන්නම්.. ඔයා යන්න " 

මේකිට තියන්න අදහසක් නෑ වගේ..   ඊයේ කොච්චර හොඳයි කියල හිතුනත් දැන්නම් මට මළ.. තව මුකුත්  කියනකන් ඉන්නේ නැතුව  මම bye කියල cut කරලා දැම්මා.

ඇතුලට යනකොට නංගා පෙන්න හිටියේ නෑ..
ෂික් විතරක් මේකිට මේ වෙලාවේම කතා කරන්න ඕන උනානේ.. මගේ මල් මූඩ් එක කැවා.. මම ඉතිං තිලිනගේ රූම් එකට ගියා. ඌ රූම් එකට ඇවිත්..

"මොකෝ බං?"

"මොකෝ?"

"බලපන් මූණ පොඩ්ඩක් කන්නාඩියකින් චොර වෙලා තියෙන ලස්සන.."

"අනේ පල යන්න.." 

මට දැන් මූත් එක්කත් මළ.. ඊයේ මාව  තනියෙන් දාල ගියේ නැත්තම් තාමත් මට නංගා එක්ක ආතල් එකේ talkක් දාගෙන ඉන්න තිබුනනේ..

"මොකද උනේ කියහන්කෝ "

"මොනා වෙන්නද.. මම මේ තෝ කරපුවට පව් ගෙවනවා.."

"කෙලින් කියපන් යකෝ මොකද උනේ කියල.." 

"මුකුත් නෑ බං.. ඉක්මනට ලැස්ති වෙලා වරෙන් පරක්කු වෙනවා.. අරහේ එකෙක් කන්න බලන් ඉන්නවා.." 

"කව්ද?"

"කව්ද?? තෝ අර ඊයේ මාට්ටු කරලා දීපු බඩුව තමයි.." මම එහෙම කිව්වම මූ මහා නෝන්ඩි හිනාවක් දැම්මා..

"මොකද *** හිනා වෙන්නේ?"

"ඒකි හොඳයි නේ බං.. මොනාද ඉතිං ඊයේ කිව්වේ?"

"උඹට මොකටද?"

"අපිත් දැනගන්න එපැයි.."

"දැනගන්න ඕනනම් ඉඳලා යන්න තිබුනනේ.. කොහෙද තෝ අර මකබෑ උනේ? "

"නෑ බං.. සිරාවටම පිටකොටුවට යන්න උනා.. පුංචිලා ආවනේ. එක්කන් එන්න ස්ටෑන්ඩ් එකට ගියේ.."

"ඉතිං කලින් කියන්න බැරි උනාද? කිව්වනම් මම shape එකේ කැපෙනවනේ.."

"එතකොට අර කෙල්ල පව්නේ බං.."

"අනේ රෙද්ද.. මම උඹට කිව්වා කියලා හිතාගනින්" 

-----------------------------

"මචං, නංගා ආවේ මොකක් හරි වැඩකටද?"  යනගමන් තිලිනයට පොත පෙරලලා data ටිකක් බාගන්න මම ට්‍රයියක් දුන්නා..

"නංගි ඉස්කෝලෙට select වෙලානේ බං.. අපේ ගෙදර ඉඳන් තමයි යන්න ඉන්නේ.."

හප්පේ.. කොල්ලට එක ඇහුනාම පා වෙනවා වගේ දැනුනා.. දැන් ඉතිං නංගාව හැමදාම බලන්න පුළුවන්..
 කොච්චර හිතුවත් මම කොහොමද අප්පා අමතක කරන්නේ නංගව.. ඕකට තමා කියන්නේ දෙන දෙයියෝ ළඟටම ගෙනත් දෙනවා කියලා.. :D  

10 කොටස..

ටිකක් ඉක්මනට යන්න හිතුවත් මම සෑහෙන්න වෙලා musical show එක දාල තිබුන නිසා අදත් වෙනදා වෙලාවටම තමා යන්න වෙන්නේ.. කොහොම කොහොම හරි ලැස්තිවෙලා තිලිනලහට ගියා.. 
කව්රුවත් පෙන්න හිටියේ නැති නිසා මම කෙලින්ම room එකට ගියා.. ගියේ නිකම් නෙමෙයි.. ඊයේ කරපු බලු වැඩේට හොඳ දෙකක් කියන්න හිතන් ඔරොප්පු mood එකකුත් දාගෙන තමා ගියේ..
ඒත් කොහේ කියන්නද.. මේකා පේන්නවත් නෑනේ.. ඇඳ යටත් බැලුවා.. ඒත් නෑ.. අයිත් room එකෙන් එලියට ඔලුව දාල බැලුවා.. ගෙදර මොකෙක්වත් නෑ වගේ.. 

'යකෝ මේ පත ගේ ඇරලා දාලා මුන් කොහේ මකබෑ උනාද..'
 පොඩි search පාරක් දාන්න හිතල මම පොඩ්ඩක් ගේ ඇතුලේ වටයක් ගැහුවා.. මොකෙක්වත් නෑ.. කුස්සියේ ඉඳලා පූසිවනම් හම්බුනා.. ඒත් ඉතින් උගෙන් මක්කා කියලා අහන්නද..

තව ටිකක් search කරන්න හිතලා මම ආපහු හැරුනා..එක සැරේටම මගේ ඔලුවට හොඳ ෂොට් එකක් වැදුනා.. මට නිකන් මක්කද උනා වගේ.. හොඳ වචන ටිකකුත් දිව අගට අරගෙන කව්ද කියලා බලන්න හැරුනා.. අපරාදේ කියන්න බෑ ඒ වචන ටික එහෙම්මම ගිලුනා..  මම ගල් උනා වගේ.. ටික වෙලාවක් බලාගෙනම හිටියා.. ඔලුවට වැදුන පාරත් අමතකයි.. ඒවා මතක තියේවිද එදා දැක්ක ලස්සන අයිත් දැක්කම.. එයා ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලන් ඉන්නවා.. ( හිතාගන්න පුළුවන්නේ කව්ද කියලා..?)

"අ..අයියා.. මෙහේ..? ම..මම බය උනා හොඳටම.." බය වෙච්ච තරමට එයාට ගොතත් ගැහෙනවා..

"මමත් බය උනා හලෝ..  මොකද මට ගැහුවේ?"  අතේ තිබුනේ පොල්ලක්.. ඒක දැකල මට හීන් දාඩිය දැම්මා.. යකෝ මේකෙන් හරියට පාරක් වැදුනානම් කොල්ලට අවසන් ගමන් යන්න වෙනවනේ..


"නෑ.. මම හිතුවේ හොරෙක් කියලා.."  දැන්නම් එයාට හිනා.. 


"නියම මොලේ.. හොරෙක්ට ඔහොම ගැහුවොත් ගෙදර බඩු මුට්ටු තියා ඔයාවත් අපිට හොයාගන්න නැති වෙයි.. "

"ඒ කොහොමද?"

"ඇයි මෝඩියේ.. හොරෙක්ට ගැහුවම උන් ඔයාව ඉතුරු කරයිද?"

"ආහ්.. එහෙම වෙන්නේ නෑ.."

"හ්ම්ම්.. එහෙනම් කොච්චර දෙයක්ද.. මේ.. කෝ අයියා?"

"අයියා බාත්රූම් එකේ.. මම එන්න කියන්නද?"

"නෑ නෑ.. එපා.. ගෙදර වෙන කව්රුත් නෑ?"

"නෑනේ.."

කොල්ලගේ ඉහේ මලක් පිපුනා වගේ.. දැන්නම් හැමදේම අමතකයි..නංගට talk කරන්න නියම chance එක..මම එතන තිබුන පුටුවක් අරන් වාඩි උනා.. 
ඒත් මගේ වෙලාව හොඳ නෑ වගේ.. මගේ කරුමෙට එවෙලේම call එකක්.. answer නොකර ඉන්නත් බෑනේ.. කව්ද කියලා බලන්න මම phone එක අතට ගත්තා.. මම නම දැක්කේ නිකන් mission failed වගේ.. (call එක අයේශාගෙන්.. ) 
නංගා ඉස්සරහ කතා කරන්න මොකද්ද වගේ.. මම balcony  එකට ගිහින් phone එක answer කරා.. 


9 කොටස ..

"කොහොමද?"   මම කතාවක් පටන් ගන්න හිතුවා.. නැත්තම් කොලු කමටත් හරි නැනේ.. 

මොනා උනත් වෙන කෙල්ලොන්ට දාන ලයින් සීදෙවිට දාන්න මට ගටක් නෑ.. සමහරවිට ඒ මම try කරලා දාගත්ත එකක් නෙමෙයි නිසා වෙන්න ඇති.. ඒ උනාට ඉතින් මුල ටිකේදි විතරද මන්දා එහෙම හිතුනේ.. මොකද අපි දන්නෙම නැතුව පැය ගානක් කතා කර කර ඉඳලා.. :D අන්තිමට මම කිව්වා මෙච්චර දවස් එයාට message කරේ තිලිනයා කියලා.. ඒක ඇහුවම කෙල්ලගේ මූණ රතු වෙලා ගියා තක්කාලි ගෙඩියක් වගේ.. මාත් එක්කත් මල පැනලා.. අන්තිමට කොහොම හරි shape කරගත්තා.. 

ගෙදර  යන ගමන්  තිලිනයව  හම්බෙලා  දෙකක්  කියන්න  හිටියත්  දැන්නම්  ඕන නෑ වගේ.මම කෙලින්ම ගෙදර ගියා. ඇඳට පැනලා කොට්ටේත් බදාගෙන මනෝ පාරක් ගැහුවේ ඕන නිසාමත් නෙමෙයි.. දන්නේ නැද්ද ඉතිං හොඳ පාරක් සෙට් උනාම එහෙම වෙනවනේ..  :)

ඉතිං message දෙක තුනකුත් එහෙ මෙහෙ ගියා.. කොල්ලගේ හිතට අමුතු මෙව්වා එකක් දැනෙනවද මන්දා.. මටත් සික් එක හැදීගෙන එනවා වගේ..
---------------------------------------

උදේ නැගිටිනකොට GM message එකකුත් එවලා... හී... කොල්ලට මැජික් වගේ.. කවදාවත් ගෙදර එකෙක්වත් මට ගුඩ් මොර්නින්ග් කියල තියේද..

අද ටිකක් කලින් යන්න ඕන.. රස කතාව අහන්න එකෙක් මග බලන් ඉන්නවනේ..  මම සිංදුවකුත් කියාගෙන ආදරණීය මනොවත් අරන් bathroom එකට ගියා wash එකක් දාගන්න.. 
ටික වෙලාවකින් මනොට හෙනයක් ගැහුවා වගේ මොකෙද්ද එකෙක් දොරට ගහනවා..

"මොකද ඕයි?" 

"ඉක්මනට එනවකො.. මට පරක්කු වෙනවා.." (ඒ මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා..)

"පොඩ්ඩක් ඉන්නවා.. මමත් දැන්නේ ආවේ.."

"තමුසෙට විකාරද? දැන් පැය භාගයක විතර ඉදන් මම මේ බලන් ඉන්නේ.. "

"හරි ඕයි.. ආව වැඩේ කරන එන්නම්.. පොඩ්ඩක් ඉන්නවා කට වහන්.."
මූටත් මම යන වෙලවටමනේ මේ මගුලට යන්න ඕන.. මල වදේ.. මම ඉක්මනට එලියට ආවා.. නැත්තම් තව ටිකකින් අම්මගේ ඝාන්ටාරේ වදිනවනේ..

"තමුසේ බිත්තර රකිනවද දොර මුල්ලට වෙලා ඉදන්..?" මේ යකා දොර ලගින් හෙල්ලිලාවත් නෑ මම එලියට එනකන්.. 

"නෑ.. මේ ගැරඬි එලවනවා.. " 

"අනේ පලයන් ඇච්චා.. ඔහොමද වැඩිහිටියන්ට කතා කරන්නේ? "

"අනේ යනෝ ඕයි යන්න.. මේ.. තමුසෙට musical show කරන්න ඕනනම් අනිත් දවසේ වෙන තැනක් හොයාගන්නවා bathroom  එක නැතුව.."
මට නෝන්ඩිද  මන්දා.. මම ඇහුනේ නෑ වගේ රූම් එකට ගියා..

Sorry friends...

mama me dawas wala leda wela.. e nisa kathaawa liyanna bari una.. dan tikak hondai. puluwan widiyata dannam.
kawruth tharaha wennepa..

8 කොටස..

එදා දවස කොහොම හරි shape එකේ ගෙවාගත්තා.. ඊළඟ දවස් දෙකත් නිවාඩු නිසා අවුලක්නම් උනේ නෑ.. මේ දවස් ටිකේම ඒකි මම කියලා හිතලා තිලිණයට message කරනවා.. 

සඳුදා උදේ තිලිනලහට යනකොට 8.30 විතර වෙලා.. මූ තාමත් ලැස්ති වෙලා නෑනේ..  අදනම් යන්න ඕන කමක් නෑ වගේ.. කොහොමත් දැන් ඉතින් lectures යන්න වෙන්නේ නෑනේ.. ඒ නිසා මාත් ඌ එනකන් සීදේවි එවපු message කියෙව්වා.. කෙල්ලනම් අවුලක් නෑ වගේ.. ඒ උනත් ලං වෙන්නනම් බයයි.. ලොකු අතුනේ.. නැග්ගා වගේ නෙමෙයි අන්තිමට ත පයත් කඩාගෙන තම බිමට බහින්න වෙන්නේ..

"මචං, සීදේවි එළ බං.."

"ඒ මොකෝ උඹ එහෙම කියන්නේ?"

"බලපන් ඕවා කියවල.. සිරාවටම හොඳයි බං.."

"හ්ම්ම්ම්"

ඇත්ත තමයි.. කෙල්ලෙක් කොල්ලෙක් අතරේ මාරු වෙන විකාර message වගේ කිසිම දෙයක් ඒ message වල නෑ..
____________
අපි දෙන්නා කැම්පස් එකට යනකොට 9 විතර වෙලා..  canteen එකට ගිහින් රෝල් 2 යි plain tea එකයි ගහල ටික වෙලාවක් කොල්ලෝ සෙට් එකක් එක්ක කතාවක් දාගෙන හිටියා..  ටික වෙලාවකින් තිළිණට කෝල් එකක් ආවා..

"මචං, වරෙන්කො පොඩ්ඩක්.." කියලා තිලිනයා නැගිටලා එලියට ගියා.. ටික සීරියස් වගේ.. මාත් ඉතින් මොකද කියල බලන්න උගේ පස්සෙන්ම ගියා..

"මොකෝ බං?"

"යමන් අර ගහක් යටට.."

"මොකෝ මලක්වත් නෙලන්න ඉන්නවද ඒ පැත්තේ?"

"නෑ බං.. යමන්කෝ.. උඹට කියන්න දෙයක් තියෙනවා.."

"හ්ම්ම්.. යමන්.." දෙන්නම ගිහින් ගහක් යට වාඩි උනා..

"මේකයි මචං.. මම තව ටිකකින් කොටුවට යනවා.. පොඩි වැඩකට.. උඹත් එක්ක යන්න තමයි හිටියේ.. ඒත් උඹව එක්කන් යන්න විදියක් නෑ බං.. "

"ඒ මොකෝ? උඹ මොකටද කොටුවේ යන්නේ?"

"ඒවා කියන්න දැන් වෙලාවක් නෑ බං.. Sorry මචෝ.. උඹව තියලා යන්නේ අන්න අරයට උඹත් එක්ක කතා කරන්න ඕන කිව්වා නිසා.." අම්මට උඩු.. අයේෂා.. මට නිකන්ම තිලින දිහා බැලුනා.. මූව මරාගෙන මැරෙන්න පුළුවන් මූනේ තියෙන කුණු හිනාව දැක්කම..

"මොකද්ද **** කරන්නේ?"  මට මලෙත් මළ..

"Don't worry බං.. Talk කරලා බලපන්... මම කැපුනා.."

"යකෝ.. තෝ ඔහොමද මට කරන්නේ?"

"බය වෙන්නෙපා බබා.."

"රෙද්ද තමයි.. උඹ එන්න කිව්වනම් උඹම කතා කරගනින්.. මම යනවා.." මම බංකුවෙන් නැගිට්ටා..

"සහන්" මගේ උගුර කට වේලිලා ගියා.. එයා ළඟටම ඇවිල්ලා.. මම යන්තම් හිනාවක් දැම්මා..

"ඔයා යන්නද හදන්නේ?"

"නෑ නෑ... සහන් නෙමෙයි.. මම යන්නේ.. සහන්ට ඔයා එක්ක කතා කරන්න ඔනලුනේ.. ඒ නිසා මම තනියම කැපෙනවා.." මම ඔව් කියන්න හදනකොටම තිලිනයා පැනල කිව්වා.. අනේ අම්මපා මුගේ කටට හෙන 7 ක් ගහලත් මදි..

"ඕන් එහෙනම් අපි කැපුනා.."  තිලිනයා මට ඇහැක් ගහලා මාරු උනා..

කෙල්ලෙක් ඉස්සරහා නෝන්ඩි වෙන්නත් බැරි නිසා මම හිතට ගටක් අරන් හිටපු තැනින්ම වාඩි උනා වෙන දෙයක් වෙද්දෙන් කියලා..

7 කොටස..

ගෙදර ගිය ගමන් අපි දෙන්න කරේ අර කොලේ දිග අරිය එක..

Dear Sahan,
                    Please call me. 077-xxxxxxx
                                                            from: Ayesha.


"මොකද්ද බං මේ?" මගේ මොලේ විකාර උනා වගේ..

"මට අමතක උනානේ බං උඹට ඉංග්‍රීසි බෑ කියල.. මේකේ තියෙන්නේ මේ නොම්බරේට කෝල් කරන්න කියලා.."

"අනේ *** කියපන් දැන් මොකද්ද මම කරන්නේ කියලා.."

"call කරපන් ඉතින්.."

"පිස්සුද බං.. මේක මොකෙග්ගේ හරි බයිට් එකක්ද කොහෙද.."



"බයිට් එකක්ද නැද්ද බලන්න මුලින් call කරපංකෝ.. අනිත් එක මම නම් හිතන්නේ ඕක ඒකිගේම number එක කියලා.. මම දැක්කා ඒකි උඹේ දිහා බලනවා මේ ලඟකදී ඉඳන්.."

"බෑ බං.. උඹ දන්නවනේ කෙල්ලෝ සම්බන්ද දේවල් වලට මම ටිකක් බයයි කියලා.. අන්තිමට අතපය හතර ගලවන් තමයි ඉන්න වෙන්නේ.."

"ඒ ඉතින් අවුලක් උනොත් නේ.. මුලින් කතා කරලා හිටපන්.. උඹේ phone එකෙන් බැරිනම් මේකෙන් ගනින්.." තිලිණයා උගේ phone එක දුන්නා..

"අනේ බෑ බං.."

"තොට බැරිනම් කතා කරලා මට සෙට් කරපන්.." තිලිණයා ගේ වදෙන් බේරෙන්න ඕන නිසාම ඕන දෙයක් වෙද්දෙන් කියලා මම call එකක් ගත්තා..Rings 
ගියාට answer කරේනම් නෑ..

"answer කරන්නේ නෑ බං.. ඕනනම් අයි
ත්
 කෝල් කරයිනේ.."

එහෙම කියලා මම තිලිණට ආයිත් phone එක දුන්න ගමන් කෝල් එකක් ආවා..

"මචං එකෙන්.. උඹම ගනින්.." මම phone 
එක
 අතට ගත්තා..

"Hello"

"Hello, 
මේ number එකෙන් call එකක් තිබුනා.. කව්ද මේ..?"
මාර පොෂ් වොයිස් එක..

"අ..ආ.. ඔව්.. මේ.. අ.. අංජලී ඉන්නවද? " නෝන්ඩි වෙන්න බැරි නිසා කටට ආව නම කියලා දැම්මා..

"අංජලි? wrong number එකක්  " කියනකොටම තිළිණයා මගේ ඔලුවට හොඳ ෂොට් එකක් දුන්නා..

"නම අහපන්.." ඌ කෑ ගහනවා..

"මේ.. ඔය අංජලි නෙමෙයි නම් කව්ද?" එහා පැත්තෙන් හිනාවෙනවා වගේ ඇහෙනවා

"මමද.. මම එයාගේ අම්මා.." කියලා එයා call එක කට කරා..
_____________

"තොට මොළයක් කියලා නාමයක්වත් නැද්ද යකෝ? ටිකක් පොත පෙරලලා විස්තරයක්වත් දැනගන්න බැරිද?" තිව්ව ගමන් තිලිණයා කියවන්න ගත්තා..

"ඔය ඉතින් දැන ගත්තේ.. ඒ මදැයි.."

"අනේ බම්බුව.. උඹනම් අමු මැට්ටෙක්.."

*************************

ඊළඟ දවසෙත් මම සුපුරුදු විදියට උදෙන් තිලිනලහට ගියා..

"අඩෝ.. ඊයේ රෑ මාර සීන් එකනේ උනේ.."

"මොකෝ?"

"අර අයේෂා තමයි බං.."

"උඹ කොහොමද දන්නේ?"

"ඊයේ රෑ 10 ට විතර ඒකිගෙන් missed call එකක් ආවා.. මාත් ඉතින් එකක් යැව්වා.. ඊළඟට ඒකි message එකක් එව්වා තරහද කියලා.. මම ඇහුවා ඒ මොකටද කියලා.. call කරාම හරියට කතා කරේ නැති එකටලු..මම පොඩි මල් talk එකක් දාල කිව්වා නෑ කියලා.. මෙකි දිගටම message කරා.. බලපන් inbox.. අන්තිමට ඒකි අහපි හෙට meet වෙන්න පුලුවන්ද කියලා.."

"උඹ ඉතින් හා කිව්වද ගොනා වගේ?"

"පිස්සුද බං.. මම උඹ තරම් ගොනෙක් නෙමෙයිනේ.. මම එකට reply කරේ නැ.."

"දැන් ඉතින් මොකද බං කරන්නේ.."

"ගිහින් කතා කරපන්.."

"තොට ඕනනම් පලයන්.. මට බෑ.."

"කෙල්ල පාරනේ බං.. මම මෙච්චර කියන එකේ මටවත් දාල දියන්කෝ.."

"විකාර නැතුව හිටපන්.. මමනම් අද ඒකි ඉන්න පැත්තටවත් යන්නේ නෑ.."

6 කොටස..

තිලිණ අකමැති නෑ වගේ තමයි. ඒත් දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ යාලු වෙලා වෙන් වෙන හැටි දැක්කම මම කොහොමද මගේ Best friend ගේ නංගිට ට්‍රයි කරන්නේ.. කරුමෙටවත් අවුලක් උනොත් මට තිලිනයාගේ මූණ බලන්නත් බැරි වෙනවා. අනිත් එක අවුල් වෙනවට ඌ ත් කැමති වෙන්නේ නෑනේ.  ඒ නිසා මම නංගාව අමතක කරා.. වෙනදා වගේම පිස්සු කෙල කෙල යාළුවො එක්ක වල ගගහා කොහොම හරි Lectures වලටත් ගිහින් මගේ වැඩ ටික වෙනදා වගේම කර ගත්තා.. නංගාව මතක් උනත් ඒ මගේ ඉරණම්කාරී නෙමෙයි කියලා හිතලා අමතක කරා. කොහොම හරි හැමදේම යතා තත්වයට ආවා. වෙනදා වගේම දවස් ගෙවුනා.. දන්නෙම නැතුව සති ගානක් ගෙවිලා ගියා.. 

ඔය අතරේ මහා බබා ද කව්ද මන්දා අර පොතේ ලියලා තිබුන හැටියට කලට වෙලාවට මල්සරා ඇවිත් මම වෙනුවෙන් කෙල්ලෙක්ට විදලා ගිහින්.. මම දන්නෙවත් නෑ.. මගේ වලාවට කෙල්ලනම් පාර.. හොඳ දතක්.. 
****************

"මචං සහන්, උඹට  මේක දෙන්න කියලා අයේෂා කිව්වා.."

"කව්ද බං ඒ?"  ගුණයගේ අතේ තිබුන කොලේ ගන්න ගමන් මම ඇහුවා..

"අර බං අපි රොත්ත පිටින් පෙරන කෙල්ල.."

"අර කාර් එකක් තියෙන එකද?"

"ඔව් බං.. අනේ ඉක්මනට බලලා කියහන්කෝ මොනාද කියලා තියෙන්නේ කියලා.."

යකෝ මූට තියෙන හදිස්සියක්.. කොලේ දුන්නේ මට.. බලන්න හදිස්සි වෙන එකෙක්ට.. මම කොලේ සාක්කුවේ දාගත්තා..

"උඹට ඔච්චරම ඕන නම් උඹටත් එකක් ඉල්ලගන්න තිබුනනේ බලන්න.. මොකටද මගේ එක බලන්නේ.. පලයන්.. පෙන්නන්නේ නෑ.."

"උඹලනම් කළගුණ නොදත් එවුන් බං.."

"අනේ උඹ දන්න එකානේ.. පලයන්න.. " 
මම ඌට ඇද කරලා තිලිනයාව හොයන්න ගියා.. හැමතැනම හෙව්වත් මූ නෑ. බැලින්නම් මේකා ගහක් යටට වෙලා කෙල්ලෝ සෙට් එකක් එක්ක මුකුළු කරනවා..

"තිලිණ.." මාව දැක්කම උගේ මූණ දෙක වෙලා ගියා..
"පොඩ්ඩක් වරෙන්කො.."

"මොකෝ බං, පොඩි fun එකක්වත් ගන්න දෙන්නෑනේ උඹ.."

"අනේ මගුල.. මේ පොඩි සීන් එකක් බං.."

"මොකද්ද?"

"මචං අර සීදේවි ඉන්නේ.. ඒකි මට මොකද්ද එවලා බං.. මම තාම බැලුවේ නෑ.. ගුණයා  ගෙනත් දුන්නේ බං.. මගේ පරම්පරාව මතක් කරපු සෙනෙහෙ කොලයක්ද දන්නේ නෑ බං.. අර ඒකිගේ කාර් එකේ හුළං යවපු සීන් එක ඒකි දන්නවා කියලා මට මහේෂි කිව්වා බං.."

"ඉතිං යකෝ ඕක කියවලා බලාපිය. පරම්පරාව මතක් කරත් හොඳයි නේ බං.. සී... දේවි නේ.."

"අනේ යකෝ.. මේක මෙතන කියවලා නෝන්ඩි වෙන්න බෑ බං.. යමන්කෝ ගෙදර.."

"යමන් එහෙනම්.."

තිලිනයාගේ ගෙදරට යනකන් පොඩි විස්තරයක් කියන්නම්කෝකො.. සීදේවි (අයේෂා) කියන්නේ අපේ campus එකේ හිටිය සිරාම පාරවල් වලින් එකක්. සීදේවි කියලා කියන්නේ ඒ තරමටම පාරක් නිසා.. එයාගේ තාත්තා රටේ නම ගිය ව්‍යාපාරිකයෙක්. අපේ උන්නම් කියන්නේ ඒකිගේ වැඩකාරයොත් අපිට වඩා සල්ලිකාරයෝ වෙන්න ඇති කියලා.. ඉතිං හිතාගන්නකෝ තියෙන ධන ස්කන්ධයේ තරම.. මේකිටම කියලා කාර් එකකුත් තිබුනා..

අපි කොල්ලෝ සෙට් එක නිකන් ඉන්නකොට card ගහනවා.. පැරදුනාම අනිත්  උන් කියන මගෝඩි වැඩක් කරන්න ඕන.. මගේ වාසනාවටද අවාසනාවටද මන්දා මමයි තිලිනයයි දවසක් පැරදුනා.. අන්තිමට සාකච්චාවට බඳුන් කරලා ලැබුන අගනා වැඩේ තමයි සීදෙවිගේ කාර් එකේ හුළං යවන එක. ඉතිං තිලිනයා ඔත්තු බලද්දී මම තමා පොර වගේ ගිහින් හුළං යැව්වේ.. 

5 කොටස ..

තිලිණගේ කතාවත් හරි තමයි.. මට දැන් වෙනදා වගේ කතා කරන්නවත් හිතක් නෑ.. මම හාන්සි වෙලා කල්පනා කර කර හිටියා.. 

"ඉඳා.."  තිලින මගේ ඇඟට පොතක් විසි කරා..

"මේ මොකද්ද?" 

"ඔය කම්මැලි කම යන්නත් එක මම ලැස්ති වෙනකන් බලපන්කො.. සමහරවිට ශෝක mood එකත් නැතිවෙයි"
ඌ එහෙම කිව්වේ නිකන් පල් එකට වගේ..
මටත් මොකෝ.. නිකන් ඉන්න එකේ මම ඒක අතට අරන් පෙරලුවා..
අම්මට උඩු.. album එක.. යකෝ මූ නම් දෙයියෙක්.. මට නිකන්ම ඌ දිහා බැලුනා..

"යකෝ බලපංකො මුගේ මල් හිනාව.. හරි හරි.. thank කරන්න ඕන නෑ.. හැබැයි පුතෝ ඔය මගේ නංගි.. ඒක මතක තියාගනින්.."
මට මුකුත් කියන්න කටට ආවේ නෑ.. මම හිනා වෙලා album එක බලන්න පටන් ගත්තා..
ඒ photos මාර ගති..  කොහොම හරි ඒ photos වල පිහිටෙන් තිලිණයට පින් සිද වෙන්න මම දවස ගෙවා ගත්තා..

ඒත් ඉතින් හරියට වැඩක් කරගන්නනම් මට බැරි උනා.. රෑ නිදාගන්න ඇඳට ගියත් නින්ද අහලකවත් නෑ.. මම balcony එකට ගිහින්  කල්පනා කරන්න පටන් ගත්තා.. අන්තිමට කල්පනා කරලා කරලා තීරණයක් ගත්තා.. ඒ තමයි නංගාව   අමතක කරන එක. මගේ තරාදියේ එයාව මගේ ජීවිතේට ලං කරගන්නවාට වඩා ඈත් කරන්න හේතු තියෙන පැත්ත බර වැඩියි..

එයාව මට අයිත් කවදාවත් දකින්න වෙන්නේ නෑ. එයාව මම දැකල තියෙන්නේ එක දවසයි. කතා කරලවත් නෑ හරියට.. අඩු ගානේ නමවත් දන්නේ නෑ.. අනික එයාට කොල්ලෙක් ඉන්නවනම් මම එයා ගැන හිතලා වැඩක් නෑ. එයා මම ගැන එහෙම හිතන්නේ නැත්තම් මේ වැඩේ තේරුමකුත් නෑ.. ලොකුම දේ තමයි එයා තිලිණගේ නංගි උන එක.. තිලින කොච්චර මගේ යාළුවා උනත් අයියා කෙනෙක් විදියට එයා කොහෙත්ම කැමති වෙන එකක් නෑ.. එහෙම උනොත් අපේ friendship එකටත් කෙල වෙනවා.. ඒ නිසා මම නංගාව  අමතක කරනවා..

දැකල තියෙන්නේ එක දවසක් උනත් ඒ ඇස් දෙක අමතක කරන්න මට හිතපු තරම් ලේසි උනේ නෑ.. එත් මට කරන්න උනා..