අයේෂා කෙලින්ම ගියේ car පාර්ක් එකට. මමත් පස්සෙන්ම ගියා. එයා car එකට නැගලා start කරා. නප්පෙටම තද වෙලා වගේ.මම car එක ලඟට ගිහින් කතා කරා. මගේ මූනවත් බැලුවේ නෑ. දැන් ඉතින් මගෙත් කට්ට පනින්න වගේ.. දෙතුන් සැරයක් කතා කරත් වැඩක් උනේ නෑ..
මොන මගුලක්ද.. මම කරපු දේකුත් නෑ. මටම පුස් පාට් දාන්න එනවා. ඕන දෙයක් කරගන්න කියලා මම ආපහු තිලිනයා හිටපු තැනට ගියා. ඌ කෙල්ලෙක් එක්ක මුකුලු කරනවා.. මමත් ගිහින් වාඩි උනා.
"මොකෝ බං උනේ? shape ද? "
"මගේ මූනවත් බැලුවේ නෑ.. මම මොකටද second වෙන්නේ.. ඕන මගුලක් කරගන්න කියලා මම ආවා."
"එහෙම කරන්නෙපා බං. කෙල්ලෝ ඔහොම තමයි"
"ඒකි මට පාට් දාන්න මම ඒකිගේ කව්ද? අනික මම කරපු වරද මොකද්ද?"
"අනේ මන්දා.. ඒ උනාට හෙටවත් කතා කරපන්, පව්නේ.."
"මම මොකටද කතා කරන්නේ? උඹනේ ඔක්කොම කෑවේ, දැන් ඉතින් දුකනම් ගිහින් කතා කරපන් "
"හරි බං.. එත් ඒකිට මගෙන් වැඩක් නෑනේ"
"ආ.. දැන් ඒකිට මගෙන් තියෙන වැඩේ මොකද්ද?"
"අනේ උඹ බබා.."
"යකෝ මේ මම ඒකිව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදියට විතරයි"
"හ්ම්ම්.. බලමුකෝ.."
ඊළඟ දවස් ටිකේම අයේෂා පේන්න හිටියේ නෑ. මට ring එකක්වත් දුන්නේ නෑ. හිතට ටිකක් විතර upset උනත් මට එක ඒ තරම් ගානක් නෑ. අයේෂා ගැන හිතේ කැමැත්තක් තිබුනත් මට වෙන එවුන්ට වගේ සික් එක ඔලුවට ගහල තිබුනේ නෑ. අනිත් එක එයාට ඕන නැත්තම් මට මොකටද.. ඉතින් මමත් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන හිටියා.
මේ දවස් වල මගේ ඔලුවේ තියෙන්නේ කරුණු දෙකයි.
1. Exam එක.
2. නංගා. (මේ දෙක මාරු උනත් අවුලක් නෑ.. :D )
නංගාට ඉස්කෝලේ පටන් අරන්. එත් තාම classes හොයාගෙන නෑ.. ඉතින් එයාගේ යාලුවොන්ගෙන් අහගෙන මමයි තිලිනයි නංගා එක්ක සතියක් විතර ඇවිද්දා නංගාට පාරවල් පෙන්නන්න. ගම්වල වගේ නෙමෙයිනේ කොළඹ. එයාට මෙහෙ පුරුදුත් නෑනේ.. ඉතින් ඒවා කියල දෙන අතරේ මම අනාගතේට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔය පන්ති ටික තියෙන තැන වෙලාවත් එක්කම note කරගත්තා..
~~~~~~~~~~~~~~~~~~~~~~
"මචං, අයේෂා මැරිලද දන්නැනේ?" දවසක් හිටපු ගමන් තිලිනයා අහපු ප්‍රශ්නෙන් මම මෝල් වෙලා ගියා.
"විකාරද යකෝ?"
"නෑ බං, අර සීන් එකෙන් පස්සේ ඇහැටවත් දැක්කේ නෑනේ.. අර මොකාද අශ්වයට වගේ පපුව පැලිලා මලාද දන්නේ නෑ.."
"ඒකිට ඒ තරම් අමාරුවක් නෑ යකෝ"
"කව්ද දන්නේ"
මට ගෙදර යන ගමනුත් කල්පනා උනේ තිලිනයාගේ කතාව.. ඇත්තටම අයේෂාට මොනවා වෙලාද දන්නේ නෑ. කෝකටත් අද රෑට ring එකක්වත් දීලා බලන්න ඕන. අපිට වඩා කෙල්ලොන්ගේ හිත් හරි බොළඳයිලු නේ.. ඇරත් මෙකි මොනවා හරි පිස්සුවක් කෙලියොත් මටත් යහතින් ඉන්න ලැබෙන්නේ නෑ..
මම කල්පනා කර කරම බස් හෝල්ට් එකට ඇවිදන් ගියා ගෙදර යන්න බස් එක ගන්න. බස් එකට සල්ලි ගන්න පර්ස් එක අතට ගන්නකොට අතේ තිබුන පොත බිමට වැටුනා. මම ඒක ගන්න පහත් වෙනවත් එක්කම 80ක විතර වේගෙන් car එකක් ආවා මගේ ඉස්සරහට. දෙයියෝ බුදුන් සිහි කර ගන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.. මම එහෙම්මම ඇස් දෙක තද කරලා පියා ගත්තා..
8 comments:
August 9, 2010 2:03 PM
සීදේවි ටිකක් වස පාටයි. කාර් එකේ ආවෙ කව්ද?
August 10, 2010 5:38 AM
අයේශා එපා වෙල තියෙන්නේ මේ නංගා හින්ද හි හි
August 21, 2010 3:48 AM
මම කියන්නද කතාවෙ ඉතුරු ටික? උඹ බඩ කට පිරෙන්න කෑවා... කොස්සෙන්ද, පොල්ලකින්ද කියන එක පාඨකයාගේ අභිමතය පරිදි හිතාගනී.
September 23, 2010 10:07 PM
කෝ බං කතාවෙ ඉතුරු ටික....තාම නද්ද? නැත්නම් තාම උඹ ඉස්පිරිතාලෙද?
September 28, 2010 6:43 AM
@අකිල
:D
September 30, 2010 6:21 AM
කාර් එක ඇවිත් හප්පල තාම ඉස්පිරිතාලෙද බං??? මොකෝ මේක ලියන්නෙ නැත්තෙ???
October 11, 2010 5:43 AM
ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ
* jokes
* amazing facts
* technical news..etc
ලබා ගැනිමට,
පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)
පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)
පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.
කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com
December 5, 2011 11:56 PM
film banna lankawe apita apema thanak
www.cinelanka.net
Post a Comment